තුන්වන හරස් වීදියේ ගණිත ගුරුවරයා..!

3hwgg
ටිකක් වෙනස් ආකාරයක කෙටිකතා එකතුවක් විදියට හඳුන්වන්න පුලුවන් තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා නම් මේ කෙටිකතා පොතේ කතුවරයා.., රන්ජන් අමරරත්න යි.
විශාල පොතක් නොවන නිසා ගොඩගේ පොත්හල ඇතුලේ කරක් ගහ ගහ ඉන්නවෙලාවේ ඇස ගැටුන නිසා පොඩ්ඩක් කියවලා බැලුවා. 1985ත් 1996ත් අතර කාල පරාසය ඇතුලේ ලියැවෙන කෙටිකතා අටකින් සමන්විත වෙන මේ පොතේ ඇති කෙටි කතා සියල්ල ම කෙටිකතා රචනය හෙවත් මැවීමේ කලාවේ මූලධර්ම 6ක් පදනම් කරගෙන ලියැවෙලා තියනවා..
ඒවා නම්..,
චරිත අධ්‍යයනය .

සිද්ධි නිරීක්ෂනය .

ආත්ම කථනය .

ආවේශය.

චිත්ත රූප සිනමාව .

සිහින ලිවීම.
මේ ඉහත සිද්ධාන්තයන් පිළිබඳව, කතුවරයා තම පෙරවදන තුළ මෙසේ සටහන් කරනවා.
" චරිතයක් පසුපස හඹා ගොස් ඔහු හෝ ඇය සියුම්ව නිරීක්ෂණය කිරීමත් ඔහුගේ හෝ ඇයගේ සුවිශේෂතා මතුකරවා ගැනීමත් අවබෝධ කර ගැනීමත් චරිත අධ්‍යයනය නම් වේ.සිද්ධි නිරීක්ෂණයේ දී, එහි මතුපිට පමණක් නොව අදාළ හේතු සාධක, එනම් සිදුවීමේ මුල එහි පසුබිම ආදියත් අවසානයත් නිරීක්ෂණය කිරීම සාර්ථක කතා කාරයෙකුගේ ස්වාභාවයයි. ස්සර්ථක චරිත හැසිරවීම උදෙසා මිනිසාගේ නාසය උවද වැදගත් ය."
පැමිණිල්ල, ඇයත් ගැහැණියක්, අවුරුදු සාදය, යක්ෂ දර කපන්නා මේ ආදී වෙනස් ම මඟක් ගත් කතා අටකින් සමන්විත මේ පොත දරන්න හැකි මිලකට, හෙවත් රු.150.00කට වෙළඳ පොළට ඉදිරිපත් කිරීම විශේෂයි. ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ ප්‍රකාශනයක් වෙන මෙහි, කංචුකය ප්‍රේම් දිසානායක අතින් නිමවෙලා තිබෙනවා. මිලදී ගන්න.,  ඔබත් මේ වෙනසට කැමති වේවි...!

පසු සටහන්..,

තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා
කතුවරයා : රන්ජන් අමරරත්න
ISBN 955-1188-46-2
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
මිල: රු.150.00
EAVB_ZGXOUDSRIS
 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න