කූඩු කිරිල්ලී…!

DSC0015

 

අරාබි කුමරියක් ලෙස ඔබට මැවෙන්නේ කිනම් රුවක් ද? කෙටියෙන් කිවහොත් සෞභාග්‍යයේ ප්‍රතිමූර්තියක් බවට සැකයක් නැත. දෑස පමණක් රඟදෙන ඒ රුවට යටින් ඇති කඳුලු කතාව ජීන් කියන්නේ මේ ලෙසයි. මේ  උපුටන්නේ චිත්‍රාගේ කූඩු කිරිල්ලී පොතෙනි.


" ජීවිතයේ මුල් වසර පිළිබඳව මා සිතෙහි නොරැඳේ. පුරුෂ ලිංගයක් රහිතව ඉපදීමේ පාපය නිසා මා මේ බිමේ කිසිම වටිනා කමකට හිමිකම නොකියන කෙල්ලක් බවට පත් වී ඇත. ඇන් ළදැරියන් මේන් සිනා නඟන්න ට, සෙල්ලම් කරන්න ට, මා පෙළඹී නොමැත්තේ ඒබව නොදත් නිසා ය."
( පෙරවදන, 2 පිට, පළමු ඡේදය. )


  • කලාව, චිත්‍රණය, ප්‍රේමය තහනම් වූ ලෝකයක්,
  • පුරුෂාධිපත්‍ය ට නතු වූ රටක්,
  • පුතුන් ට දේවත්වයෙන් සලකන රටක්..,
  • බිරිඳ ගේ සරු බව ඇය පිරිමි දරුවන් වැදීම මත තීරණය කරන සැමියන් සිටින රටක්,

 

අවසාන වශයෙන් දෙවියන් ගේ නාමයෙන් කරන සියලු අකටයුතුකම් පුරුෂාධිපත්යයේ බලමහිමෙන් සර්ව සාධාරණී කරණය කරන රටක් ඔබ අසා තිබෙනවාද? එසේනම් ජීන්.පී.සැසන් (Jean.P.Sasson)ගේ Princess: A True Story of Life Behind the Veil in Saudi Arabia නො එසේනම් චිත්‍රා. අයි .පෙරේරා විසින් පරිවර්ථිත කූඩු කිරිල්ලී පොත කියවන්න.

 

මේ පිළිබඳව Not without my daughter හි කතුවර බෙටී මමෝඩි (Betty Mahmoody) මෙසේ පවසයි ,

මානව අයිතිවාසිකම් ගැන මඳ පමනින් හෝ සිතන්නේ නම් මේ හද පාරවන කතාව ඔහු හෝ ඇය කියවිය යුතුය. ඒ මැද පෙරදිග සත්‍ය කාන්තා හද ගැස්ම ගැන වූ විශ්වසනීයත්ව ය මේ කතාව උරුම කොට ගන්නා නිසාය.

ඡන්ද බලයක ට කිසිදු හිමිකමක් නොකියන, තම ජීවිතයට පවා අයිතිවාසිකම් කියන්න ට වාසනාවක් නොමැත්තී, ඈ ගෙවන්නේ රන් කූඩුවක දැමූ කිරිල්ලියක ගේ ජීවිතයකි.
පුරුෂාධිපත්‍යයේ සලුවය මුවා වූ මේ පොතෙන් කියැවෙන අරාබි කුමරිය සිරකාරියකි, ඒ පියා, සොයුරා, සැමියා හා පුතුන් තම ලොව බලධාරින් වන හෙයිනි. සෞදි රජ පෙළපතට නෑකම් කියන මේ කුමරිය කියන ජීවන අන්දරය හැමදෙනාම කියවිය යුත්තේ මේ නිසා ය.

 

පසු සටහන්..,

Princess: A True Story of Life Behind the Veil in Saudi Arabia

සිංහල පරිවර්තනයේ නම: කූඩු කිරිල්ලී

පරිවර්තනයක් නම් මෙහි මුල් කතුවරයා : ජීන්.පී.සැසන් (Jean.P.Sasson)
ප්‍රථම මුද්‍රණය : 1992, එක්සත් රාජධානිය

සිංහලයට පරිවර්තනය : චිත්‍රා. අයි .පෙරේරා

ප්‍රථම සිංහල මුද්‍රණය : 2003  කොළඹ , ශ්‍රී ලංකාව.

ISBN 955-8033-57-X
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
මිල: රු.320.00

 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න