පොත් දෙකක් කතා ගොඩක්..!

 

    book1

එකකට එකක් වෙනස් කතා 45ක එකතුවක් පොත් දෙකක් ලෙස එලිදක්වලා තියෙනවා. මේ පොත් දෙකේම කතුවරයා තමා අපි කවුරුත් හොඳින් අඳුනන " චන්දන මෙන්ඩිස් " මහත්මයා.
     සමර්සෙට් මෝම්, ගී ද මෝපසං, එඩ්ගාර් ඇලන් පෝ, රබින්ද්‍රනාත් තාගෝර්, ඕ. හෙන්රි, ලියෝ තොල්ස්තෝයි, මක්සිම් ගෝකි, ප්‍රේම්චාන්ද්, තාරා ශංකර්, ශිග නඔය, කුශ්වන්ත් සිං වැනි ලෝක පූජිත ලේඛකයන් ගේ කෙටි කතා රචනා හතලිස් පහකින් මේ පොත යුවල හැඩවී තියෙනවා.
      ජීවිතයේ සිද්දවෙන විවිධාකාර හැල හැප්පීම්.., හරිම විචිත්‍ර ලෙස ප්‍රතිනිර්මාණය කරලා ඔවුන් අපි ඉදිරියේ තබනවා.
කතුවරයාගේ ප්‍රකාශන කර්තව්‍යක් ලෙස එළිදක්වා ඇති මේ පොත් යුවල එකක් මිලෙන් රුපියල් 450.00 වෙනවා. මිල ගැන නොසිතා සාහිත්‍යමය වටිනා කම ගැන සිතා මේ පොත් දෙස බැලුවහොත් පොතෙ පිටුපස මුද්‍රිත මිලර්ට වඩා දහස් ගණ්නක වටිනා කමක් ඔබට දකින්නට ලැබේවි. 
     තව නොබෝ දිනකින් ආරම්භ වන්නට නියමිත අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී ඔබට මේ පොත විශේෂ වට්ටම් සහිතව මිලට ගන්නට පුලුවන් කම ලැබේවි.

පසු සටහන්..,

ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කතා
ප්‍රථම මුද්‍රණය : 2007 ශ්‍රී ලංකාව
දෙවන මුද්‍රණය: 2008 ශ්‍රී ලංකාව
සිංහලයට පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ISBN 978-955-1262-04-4
________________________

ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කතා 2 සොඳුරු සිතුවම්
ප්‍රථම මුද්‍රණය : 2008 ශ්‍රී ලංකාව
සිංහලයට පරිවර්තනය : චන්දන මෙන්ඩිස්
ISBN 978-955-1262-09-1

4 පාඨක ප්‍රතිචාර:

gayandinusha said...

මටත් දීපන් බලන්න


Rachintha Jayawardhana said...

මේකේ තුන්වෙනි කොටසත් ඇවිල්ලා


Teena said...

මම අවස්ථාවන් දෙකකදීම මේ පොත් අතට අරන් ආයෙත් තියලා තියෙනවා. ගාන ටිකක් විතර මගේ බජට් එකට ගැළපුනේ නැති නිසා. හැබැයි අනිත් පාර නම් ගන්න එක ගන්නවා


මැක්සා - දිලීප said...

සොදුරුතම කතා සොදුරු ලෙසම පරිවර්තනය කිරීමක්


 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න