ගිගිරි වැලේ කවි

gigiri

 

       කවියක් වේනම් ඒ කවියෙන් දෙන පණිවුඩය හරවත් විය යුතු. සරළ සුගම බස්වහරෙන් කියවන්නාව සනසවන පද හෑලි සියල්ලට ම කවි යන විශේෂණ පදය යොදන්නට හැකියාවක් නොමැත්තේ කවියක් යනු නිකම්ම නිකම් වචන අහුරක් නොවන බැවිනි.
මේ වචන අහුරක් නොවන පද වින්‍යාසයට යන තේමාවට නියම ම සාධාරණයක් ඉටුකල පද්‍යාවලියක් මට කාලාන්තරයකට පසුව ලැබුණේ පසුගිය දෙසැම්බර් දහ නව වෙනිදා පවත්වන්නට යෙදුනු සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයේ පළමු සුහද හමුව දවසේදීයි. ඒ මේ පොතේ කතුවරිය හෙවත් අපි කවුරුත් හොඳින් දන්නා අක්කණ්ඩී නො එසේනම් පුෂ්පා රම්ලනී මහත්මිය සිහිවටනටක් ලෙසින් ලබාදුන්නු මේ අගනා පොත නිසායි. ගිගිරි වැලේ කවි නමින් පලවන්නේ ඇයගේ මේ පළමු ප්‍රකාශනය නොවේ.


බුදු වෙන්නට හිතා නොවේ [පද්‍ය]

ඔටුන්න හිමි කුමාරයා [පද්‍ය සාමූහික]

සඳලුතලෙන් මහපොළවට [පද්‍ය සාමූහික]

ශිල්ප සත්වන දවස දක්වමි [පද්‍ය සාමූහික]

කාලිමුත්තුගේ පුරවැසිභාවය [පරිවර්තන] දෙමළ කෙටිකතා [ඉබ්නු අසුමත් සමඟ]

තුන්වෙනි රාත්‍රිය [පරිවර්තන] තෝරාගත් කෙටිකතා.

කේරළ කෙටිකතා [පරිවර්තන]


       මේ ආකාරයේ වූ දිගු සාහිත ඉතිහාසයක් ඇයට හිමිය. කවිපොතට පසුවදනක් සපයන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ කතුවරිය පිළිබඳව මේසේ මත පලකරති.


පුෂ්පා රම්ලනි යනු පාඨක කොවර අලුතින් හඳුන්වා දියයුතු තැනැත්තියක් නොවේ ය යනු මගේ අදහසයි. මන්ද යත් ඇයගේ මුම කවිමා කියෙව්වේ මීට දශක ගණනාවකට ඉහත දී බැවිනි. එවක ඒ කවි කියවා ඒවායේ ගුණදොස් ඇය වෙත ලියා යැවූ බවද  මට මතකය. එහෙත් ඇය අඛණ්ඩව කවිය තුල රැඳී නොසිටියාය. ඇය කවි රචනා කලා වන්නට පුලුවන. එහෙත් ඒවා අපට කියවන්නට නොලැබිණ. ඈ යළි කවියට පිවිසෙන්නී " ගිගිරි වැලේ කවි" කලස තුලිනි. මේ සමස්ත කාව්‍යාවලිය තුලින් දෝංකාර දෙන්නේ පීඩාවට පත් අද්‍යතන කතගේ විමුක්තිකාමී හඬ යැයි මට සිතේ. එකී කාන්තා හඬ පුශ්පාරම්ලනී කිවියා තුලින් අසෙන්නේ කවරාකාර ලෙසදැයි සවන් යොමා බැලීම රසිකයා සතු කාරියකය යනු මගේ හැඟීමයි.

 

උපහාරකවිය, නුඹ සහ මම, සුපසන් ගජමන් අබිමන්, පෝරුවේදී කියන කවිය මේ ආදී අලංකාරවත් කවි මුතු 44ක් අමුණා තනා ඇති මේ කවිමාලය, නූතන කවියට ලැදි සියල්ලොම කියැවිය යුතු බව අපගේ අදහසයි.

පසු සටහන්..,

ගිගිරි වැලේ කවි
කතුවරයා : පුෂ්පා රම්ලනී
ISBN 955-20-4854-0
ප්‍රකාශනය: ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, 
               # 675, මරදාන පාර,
               කොළඹ 10.

මිල: රු.100.00

 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න