තුන්වන හරස් වීදියේ ගණිත ගුරුවරයා..!

3hwgg
ටිකක් වෙනස් ආකාරයක කෙටිකතා එකතුවක් විදියට හඳුන්වන්න පුලුවන් තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා නම් මේ කෙටිකතා පොතේ කතුවරයා.., රන්ජන් අමරරත්න යි.
විශාල පොතක් නොවන නිසා ගොඩගේ පොත්හල ඇතුලේ කරක් ගහ ගහ ඉන්නවෙලාවේ ඇස ගැටුන නිසා පොඩ්ඩක් කියවලා බැලුවා. 1985ත් 1996ත් අතර කාල පරාසය ඇතුලේ ලියැවෙන කෙටිකතා අටකින් සමන්විත වෙන මේ පොතේ ඇති කෙටි කතා සියල්ල ම කෙටිකතා රචනය හෙවත් මැවීමේ කලාවේ මූලධර්ම 6ක් පදනම් කරගෙන ලියැවෙලා තියනවා..
ඒවා නම්..,
චරිත අධ්‍යයනය .

සිද්ධි නිරීක්ෂනය .

ආත්ම කථනය .

ආවේශය.

චිත්ත රූප සිනමාව .

සිහින ලිවීම.
මේ ඉහත සිද්ධාන්තයන් පිළිබඳව, කතුවරයා තම පෙරවදන තුළ මෙසේ සටහන් කරනවා.
" චරිතයක් පසුපස හඹා ගොස් ඔහු හෝ ඇය සියුම්ව නිරීක්ෂණය කිරීමත් ඔහුගේ හෝ ඇයගේ සුවිශේෂතා මතුකරවා ගැනීමත් අවබෝධ කර ගැනීමත් චරිත අධ්‍යයනය නම් වේ.සිද්ධි නිරීක්ෂණයේ දී, එහි මතුපිට පමණක් නොව අදාළ හේතු සාධක, එනම් සිදුවීමේ මුල එහි පසුබිම ආදියත් අවසානයත් නිරීක්ෂණය කිරීම සාර්ථක කතා කාරයෙකුගේ ස්වාභාවයයි. ස්සර්ථක චරිත හැසිරවීම උදෙසා මිනිසාගේ නාසය උවද වැදගත් ය."
පැමිණිල්ල, ඇයත් ගැහැණියක්, අවුරුදු සාදය, යක්ෂ දර කපන්නා මේ ආදී වෙනස් ම මඟක් ගත් කතා අටකින් සමන්විත මේ පොත දරන්න හැකි මිලකට, හෙවත් රු.150.00කට වෙළඳ පොළට ඉදිරිපත් කිරීම විශේෂයි. ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ ප්‍රකාශනයක් වෙන මෙහි, කංචුකය ප්‍රේම් දිසානායක අතින් නිමවෙලා තිබෙනවා. මිලදී ගන්න.,  ඔබත් මේ වෙනසට කැමති වේවි...!

පසු සටහන්..,

තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා
කතුවරයා : රන්ජන් අමරරත්න
ISBN 955-1188-46-2
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
මිල: රු.150.00
EAVB_ZGXOUDSRIS

7 පාඨක ප්‍රතිචාර:

බිඟූ said...

අහම්බෙන් ගොඩ වැදුනේ.
එල පොට් එකක එල පොත් ටිකක් ගැන ලියලා තියෙන්නේ.
සිරා මසං

/නිශාන්ත


said...

නියමයි බන්
අදනේ මේක දැක්කේ
එල එල


ආගන්තුකයා | Stranger said...

අඩේ ලිෂාන් මම මේක දැක්කෙ නෑ බන්... අපි සෙට් වෙලා කමුනිටි බ්ලොග් එකක් පටන් ගත්තා පොත්ගුල කියලා... ටිකක් මීට වඩා වෙනස් අඩේ උඹ මේක ලියනවා කියලා දන්නවනම්... කමක් නැ උඹත් ලියපන් පොත්ගුලට.. අපිත් එක්ක..


Anonymous said...

මචෝ, මේ ෆාස්ට් පබ්ලිෂිං පොත් ගන්න පුළුවන් තැනක් කියපංකො, හොඳ එකා වගේ...

ෆාස්ට් පබ්ලිෂිංලාගේ ම පොත් සාප්පුවක් තියෙනවද? තියෙනවා නම් ඒ කොහෙද?

උත්තර දුන්නොත් උඹට ගොඩාක් පින්!


LishWish said...

@ Anonymous:
දන්න විදිය ෆාස්ට් පබ්ලිෂිං අයගේ ම පොත් සාප්පුවක් නං නෑ මචං. ඒත් මම අහල තියෙනවා නුගේගොඩ කියවන නුවණ කියන පොත් සාප්පුවේ ෆාස්ට් පබ්ලිෂිං පොත් විකුණනවා කියලා. අනික විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේත්, සරසවි පොත් හලෙත් මේ පොත් මිලදී ගන්න තියෙනවා.


LishWish said...

කෝකටත් කියලා මෙතැනට ගිහින් බලන්න.

ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්,
අංක:165, දේවානම්පියතිස්ස මාවත,
කොළඹ 10.

දුරකතනය: 011-2682223, 011-5333323


Anonymous said...

LishWish, උඹට ගොඩාක් පින්.....!!! මම පොත් පිස්සෙක්..... කියවන නුවණ, සරසවි, විජිත යාපා වගේ පොත්හල්වලට නිතර යනවා. ඒත් ෆාස්ට් පබ්ලිෂිං පොත් හමුවුණේ කලාතුරකින්. මේගොල්ලන්ගේ “වැද්දෝ” කියන පොතේ hard cover edition එක හොය හොය හිටියා, නමුත් හම්බ වුණේ නැහැ (මම මගේ පොත් එකතුවට පුළුවන් තරම් ගන්න බලන්නේ පොතක hard cover edition එක). දැන් මම මේ මරදානේ address එකට ගිහිල්ලා මට ඕන කරන පොත් ටික ගන්නයි බලාපොරොත්තුව.
== යාපා සේනාරත්න ==

ප.ලි. - එදා (ජනවාරි 10) සහ අද Anonymous කොමෙන්ටු දැම්මේ නම සහ email එක ටයිප් කරන්න තියෙන කම්මැලිකමට!


 
© 2009 - පොත් රාක්කය | මේ බ්ලොග් අඩවිය හැඩ කලේ LishWish විසින්

නිවහන | උඩට යන්න