ටිකක් වෙනස් ආකාරයක කෙටිකතා එකතුවක් විදියට හඳුන්වන්න පුලුවන් තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා නම් මේ කෙටිකතා පොතේ කතුවරයා.., රන්ජන් අමරරත්න යි. විශාල පොතක් නොවන නිසා ගොඩගේ පොත්හල ඇතුලේ කරක් ගහ ගහ ඉන්නවෙලාවේ ඇස ගැටුන නිසා පොඩ්ඩක් කියවලා බැලුවා. 1985ත් 1996ත් අතර කාල පරාසය ඇතුලේ ලියැවෙන කෙටිකතා අටකින් සමන්විත වෙන මේ පොතේ ඇති කෙටි කතා සියල්ල ම කෙටිකතා රචනය හෙවත් මැවීමේ කලාවේ මූලධර්ම 6ක් පදනම් කරගෙන ලියැවෙලා තියනවා.. ඒවා නම්.., |
චරිත අධ්‍යයනය . සිද්ධි නිරීක්ෂනය . ආත්ම කථනය . ආවේශය. චිත්ත රූප සිනමාව . සිහින ලිවීම. |
මේ ඉහත සිද්ධාන්තයන් පිළිබඳව, කතුවරයා තම පෙරවදන තුළ මෙසේ සටහන් කරනවා. " චරිතයක් පසුපස හඹා ගොස් ඔහු හෝ ඇය සියුම්ව නිරීක්ෂණය කිරීමත් ඔහුගේ හෝ ඇයගේ සුවිශේෂතා මතුකරවා ගැනීමත් අවබෝධ කර ගැනීමත් චරිත අධ්‍යයනය නම් වේ.සිද්ධි නිරීක්ෂණයේ දී, එහි මතුපිට පමණක් නොව අදාළ හේතු සාධක, එනම් සිදුවීමේ මුල එහි පසුබිම ආදියත් අවසානයත් නිරීක්ෂණය කිරීම සාර්ථක කතා කාරයෙකුගේ ස්වාභාවයයි. ස්සර්ථක චරිත හැසිරවීම උදෙසා මිනිසාගේ නාසය උවද වැදගත් ය." |
පැමිණිල්ල, ඇයත් ගැහැණියක්, අවුරුදු සාදය, යක්ෂ දර කපන්නා මේ ආදී වෙනස් ම මඟක් ගත් කතා අටකින් සමන්විත මේ පොත දරන්න හැකි මිලකට, හෙවත් රු.150.00කට වෙළඳ පොළට ඉදිරිපත් කිරීම විශේෂයි. ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ ප්රකාශනයක් වෙන මෙහි, කංචුකය ප්‍රේම් දිසානායක අතින් නිමවෙලා තිබෙනවා. මිලදී ගන්න., ඔබත් මේ වෙනසට කැමති වේවි...! |
පසු සටහන්.., තුන්වන හරස්වීදියේ ගණිත ගුරුවරයා කතුවරයා : රන්ජන් අමරරත්න ISBN 955-1188-46-2 ප්රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් මිල: රු.150.00 EAVB_ZGXOUDSRIS |
තුන්වන හරස් වීදියේ ගණිත ගුරුවරයා..!
තෙවන ලොවේ සුභසිහිනය : හියුගෝ චාවේස්
ගෝලීය කරණයෙන් අසරණ භාවයට පත් වෙලා ඉන්න තුන්වැනි ලෝකයේ අයට මානසිකව හෝ සහනයක් ගෙනෙන ආදර්ශයක් ඇත්නම් ඒ " හියුගෝ චාවේස්" පමණයි.
ඇ.එ.ජ. මුල් කොට ගත් ආර්ථික ඝාතකයන්ගේ ලෝක ව්‍යාප්ත ජාල මගින් ස්ථාපනය කරන ලද නව යටත් විජිතකරණය ඉදිරියේ, පසුගාමී දෙශීය ජන කොටස්වල අතීත උරුමය පාදා ගනිමින් ඔවුන්ගේ ජීව ශක්තිය එකමුතුකොට ඉදිරියට මෙහෙයවන ජාතිකවාදී පිළිවෙතක් මේ අභියෝගයට ජයගත හැකිය යන පණිවුඩය චාවේස් මේ පොතෙන් අපට ලබා දෙනවා.
සමකාලීන මාධ්‍ය විචාරකයෙකු වන රිචර්ඩ් ගොට් [Rachard Gott], මේ අරුමැසි රාජ්‍ය නායකයා ඔහුට හිමි ඓතිහාසික පර්යාවලෝකනය තුල සිටුවමින්, ඔහුගේ සැලසුම් සහ වැඩසටහන් මේ කෘතිය තුළින් පරික්ෂාවට ලක් කරනවා.
ඉතා සුනම්‍ය වූ වහරකින් මේ පොත ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්තනය කොට තිබෙනවා. විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේ ප්රකාශනයක් වන මෙය, මිලෙන් රුපියල් 550ක් වෙනවා. මිලේ පුංචි වැඩිවීමක් උනත් පොතෙ තිබෙන වටිනා කමෙන් නම් අගය බොහෝම වැඩිවෙනවා.
මුළදී මුළදී කියවන්නට පොඩි කම්මැළි කමක් ආවත්.., කතුවරයාගේ වහර හා ලෝක දේශපාලන ප්රවණතා ගැන උනන්දුවක් වන කෙනෙකුට නම් මේ පොත මහඟු දායාදයක් වේවි.
පසු සටහන්..,
තෙවන ලොවේ ආස්වාදය : හියුගෝ චාවේස් සහ ජාතික විප්ලවය
ප්‍රථම මුද්‍රණය : 2008 ශ්‍රී ලංකාව
සිංහලයට පරිවර්තනය : ලීලානන්ද ගමාච්චි
ISBN 978-955-6524-71-0
පොත් දෙකක් කතා ගොඩක්..!
“අදහස්” - කියවන්නේ නැතුව අතහරින්න එපා..!
මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්රෙඩ්රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. යාකූත් සහ ලීලා වික්‍රමරත්න විසින්. ඒවාගේම මෙය “interesting.org” ආයතනයේ ලාභය බලාපොරොත්තු නොවන ඉදිරිපත් කිරීමක්. පොත පෙරලද්දී අනෙක් සාමාන්‍ය පොතක් වාගේම වෙනසක් නොදැනුනත්.., පෙරවදනේ සිට දිගටම කියවාගෙන යද්දී.., මට දැනුනේ කියා ගත නොහැකි තරමේ ඓශ්චර්යක්.., මක් නිසාද කියනවා නම් මේ පොත ගැන මම මෙතෙක් කල් දරපු මත සියල්ලම පළමු පිටුව කියවනා විටම වාගේ බිඳවැටුණු නිසා.
හරිම පුදුමාකාර විදියට හැම දේ ගැනම වෙනස් විදියට හිතන්න උගන්වන පොතක්.. කංචුකය වගේම මෙහි ඇතුලාන්තය ද හරිම සිත් ගන්නා සුළුයි. විවිධාකාර අදහස් 150ක් ගැන මේ පොතේ අඩංගු වෙනවා. ඒ වගේම ඒ හැම අදහසක් ගැනම අපේ අදහස් ලියන්නට මෙහි තවත් පිටු 150ක් අඩංගු වෙනවා. වඩාත් සිත් ගන්නා සුළු දෙය තමා.., මේ පිටු 150., ඔබගේ සටහන්.., නිරීක්ෂණ හා කුරුටුගෑම් සහිත අදහස් වලින් පිරුණු අංග සම්පූර්ණ "අදහස්" පුස්තකයක් වීම.
හොඳ අදහස් ලියාතැබිය යුතු..
"හොඳ අදහස් විහින්ම පහළ නොවන්නේය" යන පදනම මත මේ පොත සකස් වෙලා තියෙනවා. එහි සඳහන් ආකාරයට අදහස් අප විසින්ම උපද්දවා එළි දැක්විය යුතුයි. අණුප්රාණවත් කිරීම හා පෙළෙඹවීම [inspiration and motivation] යන කාරණා දෙක.., අදහස් එලියට මතුකර ගැනීමේ ප්‍රධානතම ක්රමෝපායන් වනවා. මගේ අතට පත් වෙලා තියෙන මේ පොතේ පරමාර්ථයත් එයමයි.
ඉකමනින් කියවා ධාරණය කරගත හැකි, නිර්මාණකරණය හා ඊට අදාලව, ඇල්බට් අයින්ස්ටයින් [Albert Einstein] ඉන්ග්වාර් කෙම්ප්රඩ් [Ingvar Kemprad] [IKEA සමාගමේ නිර්මාතෘ] වනි සභාවනීය විද්වතුන් හා ව්‍යාපාර අධිපතීන්ගේ ප්‍රකාශ වලින් ලබාගත් උපුටා ගැනීම් රාශියක් සහිත මාතෘකා ගණනාවක් ඇතුලත් ඡේද 60 කට අධික සංඛ්‍යාවක් මෙම පොතෙහි අන්තර්ගත වෙනවා.
මට මේ පොත ලබා දුන් ඒ මල්ලී මේ පොත මිලදී ගෙන තිබෙන්නේ නුගේගොඩ සරසවි පොත් හලෙනුයි. මිල රුපියල් 385.00 පමණ වෙනවා. මට හිතෙන විදියට මිලට වඩා දසදහස් ගුණයක් වටින පොතක් ඔබත් අරගෙන කියවන්න.
පසු සටහන්..,
"අදහස්" පොතේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
"අදහස්" පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ සාමපලයක් භාගත කරගන්න.
පරිවර්තනයක් නම් මෙහි මුල් කතුවරයා : ෆ්රෙඩ්රික් හරේන් |